FAST NEWS

24×7 Around the Globe

අද පෞද්ගලික බස් ධාවනය අඩුවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (26) දිනයේ පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩු කිරීමට සිදුවන බව ලංකා ‍පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

දින කිහිපයක සිට ඩීසල් නිසි පරිදි නොලැබීම මීට ‍හේතුවෙන් මෙලෙස බස් ධාවනය අඩුවී ඇති බවයි එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.

මේ සඳහා රජයෙන් කඩිනම් පිළිතුරක් බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.