FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් යළි පැතිරීමේ අවධානමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යළිත් රට තුළ කොවිඩ් රෝගය පැතිරයාමේ අවධානමක් රට තුළ දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

රෝගීන් වැඩිවීමත් සමඟ මරණ සංඛ්‍යාව ද ඉහළ යාමක් සිදුවිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා අනතුරු අගවනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොවිඩ් 19, ඩෙංගු අවදානම සහ වඳුරු උණ (Monkey Pox) පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා මේ අදහස් දක්වා ඇත.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වීම, සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කිරීම හා එන්නත්කරණය අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී අවදාරණය කර සිටිනවා.

නිසි එන්නත්කරණය හා යහපත් සෞඛ්‍යය පුරුදු පවත්වාගෙන යාම නිසා අප රටේ පසුගිය කාලය තුල කොවිඩ් 19 වසංගතය පැතිරීම පාලනය කර ගැනීමට හැකිවුණා.

ගෝලීය වශයෙන් වසංගතය ව්‍යෘප්තිය වැඩිවීමත් නව ප්‍රභේද ඇති වීමත් සමග නැවත රට තුල කොවිඩ් 19 වසංගතය උත්සන්න වීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ අනු ප්‍රභේද වඩාත් ක්‍රියාකාරී වන නිසා ඉක්මනින් සමාජය තුල වසංගතය පැතිර යාමේ හැකියාවක් ඇත.