(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවෙන් ඩීසල් සහ පෙට්‍රල් යන ඉන්ධන වර්ග දෙකේම තොග නොලැබෙන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය කියා සිටී.
පිරවුම්හල් සංස්ථාවෙන් ඉන්ධන ඇණවුම් කළත් තොග ප්‍රවාහනය කිරීමට ගිය විට සංස්ථාවෙන් පවසන්නේ ප්‍රමාණවත් ඉන්ධන ලබාදීමට හැකියාවක් නොමැති බව යැයි ඔවුහු පෙන්වා දෙති.
ඒ හේතුවෙන් රට පුරා නැවතත් ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බව මෙම සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා ප්‍රකාශ කළේය. ඔහු කියා සිටියේ ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පිරවුම්හල් රැසක් වසා ඇති බවය.








