(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ මස මුල් සති තුනේ විදෙස් සංචාරකයින් 30,000ට වැඩි සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇත.
මේ මස 01 වනදා සිට පෙරේදා දක්වා කාල පරාසය තුළ විදෙස් සංචාරකයන් තිස් එක් දහස් එකසිය පස් දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවල වාර්තාවන්ට අනුවයි මෙම සංඛ්‍යා ලේඛණ නිකුත් වී ඇත්තේ.
මේ වසරේ (2022) ජනවාරි 01 වනදා සිට මේ දක්වා දිවයිනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 489,775ක් ලෙස එම වාර්තා වල සටහන් වනවා.








