FAST NEWS

24×7 Around the Globe

X-Ray පටලවල දැඩි හිඟයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දත් ආශ්‍රිත විකිරණ පරීක්ෂණ සඳහා භාවිත කරන සේයා (X-Ray) පටලවල දැඩි හිඟයක් පවතින බව රජයේ විකිරණ නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමය සඳහන් කළේ මේ හේතුවෙන් දත් ආශ්‍රිත සියලු එක්ස්රේ පරීක්ෂණ කල් දැමීමට සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ එම ගැටළුව කඩිනමින් විසදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.