FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති සති දෙකකින් කල් යයි ලංකාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට තායිලන්තයේ රැදී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් සති දෙකකින් පමණ ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත බව රොයිටරස් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

කෙසේ වෙතත් ඔහුගේ ආරක්ෂාව පිළිබඳව තහවුරුවක් ලැබෙන්නේ නම් ඔහු ඊට පෙර ශ්‍රී ලංකාවට පැමණෙනු ඇතැයිද වාත්තා වෙයි. හිටපු ජනපතිවරයාගේ පැමිණීම ඉක්මන්වීම සඳහා තායිලන්තයේ ඔහුට රැදී සිටීම වෙනුවෙන් වැය කිරමට සිදුව ඇති අධික වියදමද හේතුවක් බවට පත්ව තිබේ.

හිටපු ජනපතිිවරයා තායිලන්තයේ රැදී සිටීම වෙනුවෙන් වූ වියදම් මේ වන විට රුපියල් මිලියන ගණනක් බවට පත්ව තිබේ.ඔහුට තායිලන්තයේ දින 90ක කාලයක් රැදී සිිටීම වෙනුවන් වීසා හිමිව තිබේ.