FAST NEWS

24×7 Around the Globe

ලබන අවුරුදු ඉදන් පාසල් නිල ඇඳුම් චීනයෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2023 වර්ෂයට සඳහා වන පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් කොටසක් ලබා දීමට චීන රජය එකඟ වී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා රජය මහජන චීන සමූහාණ්ඩුවෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි.

චීන සමූහාණ්ඩුවෙන් ලැබෙන එම ප්‍රධානයට අතිරේකව අවශ්‍ය කරන ඉතිරි රෙදි ප්‍රමාණය දේශීය රෙදි පිළි නිෂ්පාදකයන්ගෙන් මිල දී ගැනීමට රජය අදහස් කරනවා.

ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

2023 වසර සඳහා වන පාසල් නිල ඇඳුම් 2022 අධ්‍යන වර්ෂයේ පාසල් වාරය අවසන් වීමට ප්‍රථමව ලබා දිය යුතුව තිබෙනවා.

තව ද අද(23) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ, 2024 වසර සඳහා පාසල් නිල ඇඳු ලබා දෙනවා වෙනුවට නිල ඇඳුම් මිල දී ගැනීම සඳහා වව්චර් පත්‍රයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා වූ බවයි.