FAST NEWS

24×7 Around the Globe

ගල්කිස්ස අධිකරණයේ වෙඩි තැබීම : 2ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගල්කිස්ස අධිකරණයේ වෙඩි තැබීමේ සිද්ධියට අධාර අනුබල දුන් පුද්ගලයකු සහ කාන්තාවක් හෙරොයින් සමග විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

මොවුන් දෙල්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොවුන් සතුව හෙරොයින් ග්‍රෑම් 04 මිලි ග්‍රෑම් 520 ක් තිබුණු බවද පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම හා ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයකු සහ අවුරුදු 37 ක කාන්තාවක්.