FAST NEWS

24×7 Around the Globe

කවුරු විරුද්ධ වුණත් ඇමති කාංචන ගත් විශේෂ තීරණය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විරෝධතා දැක්වීමේ අයිතියට අභියෝග නොකරන නමුත් ඛනිජතෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ සියලු දේශපාලන පක්ෂවලට සම්බන්ධ ඛනිජ තෙල් වෘත්තීය සමිති අදාළ සැලසුම්වලට විරෝධය පළ කර ඇති බවය.

සියලු වෘත්තීය සමිති හමුවී අදාළ වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කළ බවත් එහිදී මෙහි ඇති වැදගත්කම පිළිබඳව පැහැදිලි කළ බවත් අමාත්‍යවරයා පවසයි. කෙසේවෙතත් යෝජිත ප්‍රතිසංස්කරණවලට එරෙහිව හෙට (22) දිනයේ ඛනිජ තෙල් වෘත්තීය සමිති විසින් විරෝධතා පාගමනක් සංවිධානය කර ඇති බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසයි.

එලෙස විරෝධතා පැවැත්වීමට ඔවුන්ට ඇති අයිතියට අභියෝග නොකරන නමුත් ඛනිජ තෙල් සහ විදුලිබල යන ක්ෂේත්‍ර දෙකම ප්‍රතිව්‍යූහගත කළ යුතු අතර ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදුකරන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.