FAST NEWS

24×7 Around the Globe

‘බිත්තර ගැසට්ටුව’ රිවස් වෙන්නේ නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – “පාරිභෝගික අධිකාරිය විසින් බිත්තර සදහා රුපියල් 45/= පාලන මිලක් ගැසට් කර තිබෙනවා. එසේ කලේ කුකුළු නිෂ්පාදකයා හා පාරිභෝගිකයා යන දෙදෙනාම ආරක්ෂා කිරීම සදහා යි. පාලන මිල ට වඩා වැඩි මිලකට බිත්තර අලෙවි කිරීමට පියවර ගතහොත් අනිවාර්යයෙන්ම නීතිමය පියවර ගන්නවා.” යැයි පාරිභෝගික හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ජා-ඇල දී මාධ්‍ය හමුවක් කැදවමින් පැවැසිය.