(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරියේ පත්වන සර්වපාක්ෂික ආණ්ඩුවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් ඇමති ධූර දැරීමට සුදුසු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර තිබේ.
මේ සඳහා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සහ කනිෂ්ඨ නායකයන් කිහිප දෙනෙකුගේ ම නම් ඇතුළත් බව ද දැනගන්නට ඇත.
එසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරිපත් කළ බව මේ පිළිබඳ කළ විමසීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසීය.
ප්‍රසන්න රණතුංග, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සී.බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, නාමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, බන්දුල ගුණවර්ධන, සනත් නිශාන්ත හා කංචන විජේසේකර ඇතුළු පිරිසකට අමාත්‍ය ධූර ලැබිය යුතු යැයි යෝජනා වී ඇතැයි වාර්තා වේ.








