දෙමළ ඩයස්පෝරාවේ සංවිධාන හයක් අසාදු ලේඛණයෙන් ඉවතට. ඉස්ලාම් සංවිධාන තුනක් අසාදු ලේඛණයට

දෙමළ ඩයස්පෝරාවේ සංවිධාන හයක් අසාදු ලේඛණයෙන් ඉවතට. ඉස්ලාම් සංවිධාන තුනක් අසාදු ලේඛණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

කොටි හිතවාදී සංවිධාන ලෙස හදුනාගනිමින් අසාදු ලේඛණගත කර තිබූ දෙමළ ඩයස්පෝරාවේ සංවිධාන හයක පුද්ගලයින් 316 දෙනෙකු අසාදු ලේඛණයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය,ගොලීය ද්‍රවිඩ සංසදය,ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, කැනේඩියානු දමිළ කොංග්‍රසය, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, යන සංවිධාන වලට පනවා තිබූ තහනම මෙලෙස ඉවත් කර තිබේ.

ඉස්ලාමීය අන්තවාදී සංවිධාන ලෙස හදුනාගත් සංවිධාන තුනක පුද්ගලයින් 55 දෙනෙකුට මෙරට තුළ ක්‍රියාකාරී වීම තහනම් කිරීමටද නිර්දේශ කර තිබේ.

දාරුල් අදර් හෙවත් ජමිඋල් අදර් මෝස්ක් හෙවත් ධාරුල් අදර් කුරාන් මද්‍රසා හෙවත් දාරුල් අදර් සංවිධානය, ශ්‍රීලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය (එස්.එල්.අයි.එස්.එම්) සහ සේව් ද පර්ල්ස් හෙවත් සේව්ද පර්ල් සමාජය එලෙස තහනම් කිරීමට නිර්ද්ශ කර ඇත.