FAST NEWS

24×7 Around the Globe

ජපාන තායිසෙයි සමාගම වෙත සිදු කර ඇති දේශපාලන බලපෑමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

කටුනායක ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය බාරව සිටින ජපාන තායිසෙයි සමාගම වෙත සිදු කර ඇති දේශපාලන බලපෑමක් පිළිබදව එම සමාගම ජපන් තානාපති කාර්යාලය වෙත පැමිණිලි කොට ඇත.

ඒ අනුව ජපාන තානාපති කාර්යාලය ජනාධිපතිවරයා වෙත මේ පිළිබදව පැමිණිලි ‌කිරීමට පියවර ගෙන තිබේ.

මෙම පැමිණිලි කිරීමෙන් පසු ජනාධිපතිවරයා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කැදවා දැඩි මේ පිළිබද විමසීමක් කොට ඇති බවත්, ඊට බාධා නොකරන ලෙස දැනුම් දීමක් කොට ඇති බවක්ද දැනගන්නට ඇත.

වත්මන් පාලනය ජපානය සමග ‌ගැටුම් ඇති කරගත් පළමු අවස්ථාව මෙය නොවේ.

රාජපක්ෂ පාලනය ආරම්භ වූ මොහොතේම මොනෝරේල් ව්‍යාපෘතිය ඒකපාර්ශ්විකව අත්හිටුවිම හේතුවෙන් ජපන් රජය ලංකාවට ආධාර කිරීම නවත්වා තිබිණ.