
පාසල් සඳහා නිවාඩු සතියක්
(ෆාස්ට් නිව්ස් | කොළඹ) –
හෙට (04) සිට ලබන 08 වනදා දක්වා දිවයින පුරා සියලුම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස ප්‍රකාශයට පත්කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, එම සතිය තුළ අහිමි වන පාසල් කාලය ඉදිරි පාසල් නිවාඩු වාරයේදී ආවරණය කිරීමට කටයුතු කරන බවය.