අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 47 ක් බටහිර මුහුදේදී නාවික හමුදා භාරයට

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 47 ක් බටහිර මුහුදේදී නාවික හමුදා භාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 47 ක් බටහිර මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි

මීගමුවට ඔබ්බෙන් වූ බටහිර මුහුදු ප්‍රදේශයේ ඊයේ ( 27 ) රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 47 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාව ඊයේ රාත්‍රියේ මීගමුවට ඔබ්බෙන් වූ බටහිර මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නීරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර තිබෙයි.

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පස් දෙනෙකු ද (05) ඇතුළුව වැඩිහිටි පිරිමි පුද්ගලයන් 34 ක්, වැඩිහිටි කාත්තාවන් 06ක් සහ ළමුන් 07 ක් එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

නාවික හමුදාව භාරයට ගත් සැකකරුවන් පිරිස, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වෙන්නප්පුව, නාත්තන්ඩිය, හලාවත සහ මඩකලපුව යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරාය පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇත.