FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුයි – විපක්ෂ නායක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවදුරටත් ජනතාව පීඩාවට පත් නොකොට ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මහජන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද (27) පැවැති හමුවකදී හෙතෙම සඳහන් කළේ ආණ්ඩුව එසේ ඉවත් වන්නේ නම් සමගි ජන බලවේගයේ දක්ෂ මන්ත්‍රීවරුන් සමග රට බාරගෙන දසලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය මතය අනුව ඉදිරි වසර 5ක කාලය තුළ අනිවාර්යෙන් රට පෙර තිබූ තත්ත්වයටම ගොඩනගන බවයි.

සුපිරි අගමැතිවරයෙක් ගෙන්වා රට ගොඩනගන බවට ආණ්ඩුව පෙන්වූ බොරු නාටක සියල්ල දැන් ජනතාව හමුවේ හෙළිවී ඇති බවත්, එවැනි තත්ත්වයක් තිබියදීත් ආණ්ඩුවේ ඇමතිවරු මේ වන විට විදෙස් සංචාරවලට ගොස් විනෝද වෙමින් සිටින බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.