(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ තදාසන්න ප්‍රදේශවල සියලුම පාසල් ජූලි 10 වැනිදා දක්වා වසා තැබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අනෙකුත් ප්‍රදේශවල පාසල්, විදුහල්පතිවරුන්ගේ සහ අධ්‍යාපන නිලධාරීන්ගේ අභිමතය පරිදි ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය.
මෙම අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ සිසුන්ට පාඩම් ලබාදෙන්නේ කෙසේද යන්න තීරණය කිරීමට පාසල් විදුහල්පතිවරුන්ට සහ පළාත් අධ්‍යාපන බලධාරීන්ට අවසර ලබාදී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.








