(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රමාණවත් පරිදි ලංගම බස් රථ ධාවනය කරන බවත් දැනට පනවා ඇති සීමා කිරීම් හේතුවෙන් බස් රථ ධාවනයට බාධාවක් නොවන බවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.
මේ අතර, හෙට (28) සාමාන්‍ය කාලසටහන් යටතේ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව ද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ජූලි 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය සේවාවන්ට අනුයුක්ත වාහන සඳහා පමණක් ඉන්ධන සපයන බව රජය අද නිවේදනය කළේය.








