FAST NEWS

24×7 Around the Globe

සුනිල් ටී ප්‍රනාන්දුට එරෙහිව අතුරු තහනම් නියෝගය තවදුරටත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී ප්‍රනාන්දුට එරෙහිව අතුරු තහනම් නියෝගය වාණිජ මහාධිකරණය විසින් තවදුරටත් දීර්ඝ කෙරේ.

චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්ෂක සුනිල් ටී ප්‍රනාන්දු යන අයට එරෙහිව කොළඹ වානිජ මහාධිකරණය විසින් නිකුත් කර තිබු අතුරු තහනම් නියෝගය 2022 සැප්තැම්බර් මස 14වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කර ඇත.

ඒ ඔහු අධ්‍යක්ෂක ධුරය දරන මූවි ප්‍රඩියුසර්ස් ඇන්ඩ් ඉම්පෝර්ටර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමේ කටයුතුවලට මැදිහත්වීම හා එකි සමාගමේ අධක්ෂකවරයෙකු ලෙස කටයුතු කිරීම තවදුරටත් වලක්වාලමිනි.

මෙහිදි පෙත්සම්කාර අධ්‍යක්ෂකවරයා වෙනුවෙන් නීතිඥ ඉරේෂා පුර්ණිමා මහත්මියගේ උපදෙස් මත නීතිඥ සදුන් සේනාධිපති මහතා විසින් වාණිජ මහාධිකරණ වෙත සදහන් කර සිටියේ සුනිල් ටී ප්‍රනාන්දු මහතා විසින් සමාගමේ කටයුතු වැරදි ලෙස පාලනය කල බවත් එමගින් සමාගම වෙත විශාල හානියක් සිදු වු බවත් එය සමස්ථ චිත්‍රපටි ක්ෂේත්‍රයේම පරිහානියට බලපාන ලද බවත්ය.

කරුණු සලකා බැලු වානිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම අතුරු නියෝගය 2022.09.14 දින දක්වා දීර්ඝ කරනු ලැබීය.