බස් ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය හෙට

බස් ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය හෙට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් හෙට(28) දිනයේදී විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා කියාසිටියේ බස් සංගම් ඇතුලු සියලු වගකිව යුතු අංශ ඊට කැඳවා ඇති බවයි.

කෙසේ වෙතත් බස් සංගම් අවධාරණය කරන්නේ ගාස්තු සම්බන්ධයෙන් ගණනය කිරීම් කර අවසාන තීරණයක් අද දිනය තුළදීම ලැබිය යුතු බවයි.

එසේ නොවුණහොත් හෙට සිට බස් ධාවනයෙන් ඉවත්වීමට පියවර ගන්නා බවද බස් සංගම් සඳහන් කලා.

ඊයේ සිදුකල ඉන්ධන මිල වැඩි කිරිම සහ ජූලි 01 වනදාට යෙදී ඇති වාර්ෂික ගාස්තු සංශෝධනය යන කරුණු දෙකම සළකා සියයට 35% ක පමණ ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බවයි බස් හිමියන් කියාසිටියේ