FAST NEWS

24×7 Around the Globe

බසයක් ඉන්ධන පෝලිමක ගැටී පිරිසකට තුවාල

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මඩකලපුව, ඌරණිය ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක නවතා තිබූ යතුරුපැදි පෙළක බස් රථයක් ගැටීමෙන් යතුරුපැදි කිහිපයකට හානි සිදුව තිබෙනවා.

අදාළ බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් එම බස් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී යතුරු පැදිවල ගැටී ඇති බවයි පොලීසිය පැවසුවේ. සිද්ධියෙන් පුද්ගලයින් කිහිප දෙනෙකුද සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය පැවසුවා.