FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන ලබාගැනීමට කූපන්පත් ක්‍රමයක් හෙට සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෝටර් රථ හිමියන්ට ඉන්ධන ලබාගැනීම සඳහා හෙට සිට කූපන්පත් ක්‍රමයක් හඳුන්වා දෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය.

යුද හමුදාව විසින් ඉන්ධන පිරවුම්හල්වල දී මෝටර් රථ රියදුරන්ට කූපන්පත් බෙදාහරින බව ඔහු පැවසීය.

අමාත්‍යවරයා කියා සිටියේ ජාතික ආරක්ෂක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

කූපන්පත් නිකුත් කිරීමෙන් පසු හමුදාව විසින් මෝටර් රථයේ රියදුරු දුරකථනයෙන් අමතා ඉන්ධන තිබෙන විට දැනුම් දෙන බව ඔහු පැවසීය.

අමාත්‍යවරයා අද මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ ඇත්තේ සීමිත ඉන්ධන ප්‍රමාණයක් බවයි.