FAST NEWS

24×7 Around the Globe

හෙට සිට පැය 03ක් විදුලිය කැපේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෛනික විදුලි කප්පාදුව හෙට(27) සිට ජුලි 03වැනිදා දක්වා පැය 03 ක් දක්වා දීර්ඝ කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 කාලයක් විදුලි කප්පාදුවක් සිදු වනු ඇත.

ජුලි මස 2 වනදා සහ 3වනදා දිනවල හැර අනෙක් දිනයන් හි කොළඹ නාගරික කලාපයේ පැය 2ක කාලයක් පෙරවරු 6 සිට පෙරවරු 8ක්වා විදුලි කප්පාදුවක් සිදු කරන දැනුම් දී ඇත.

මේ අතර M, N, O, X, Y, Z කලාප සඳහා ජුලි මස 2 වනදා සහ 3වනදා දිනවල හැර පෙරවරු 5 සිට පෙරවරු 8 දක්වා පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කරන බවද මහජන උපයෝගීතා කොමිසම සඳහන් කර තිබේ.