FAST NEWS

24×7 Around the Globe

PMB සහල් හෙට සිට වෙළඳපොලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වී අලෙවි මණ්ඩලයේ වී තොග යොදා ගනිමින් සකස් කල PMB සහල් හෙට සිට වෙළපොලට නිකුත් කෙරෙනවා.

වෙළද පොලේ සහල් මිල පාලනය සහ ගුණාත්මක තත්වයෙන් ඉහල සහල් ජනතාවට ලබාදීමේ අරමුණෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. මෙම සහල් කිලෝග්‍රෑම් 5 සහ 10 ප්‍රමාණයේ මලු කෘෂිකර්ම අමාත්‍යාංශය පරිශ්‍රය තුළ ඇති අලෙවි සැලෙන් මිලදී ගත හැකියි. කොළඹ දිස්තික්කයේ ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අයත් අලෙවිසල් තුනක් මගින්ද පි එම් බී සහල් මිලදී ගත හැකියි. වී අලෙවි මණ්ඩලය සතු සියලු වී තොග යොදාගනිමින් අවශ්‍යතාව අනුව මාසයකට සහල් මෙට්‍රික්ටොන් දස දහස බැගින් සතොස අලෙවිසල් මගින් මෙම සහල් නිකුත් කිරීමටද අපේක්ෂිතයි.

රජයේ සහල් පාලන මිලට වඩා යම් තරමක් හෝ අවම මිලකට අලෙවි කිරීමට වී අලෙවි මණ්ඩලය බලාපොරොත්තුවන බව එහි සභාපති නීල් ද අල්විස් මහතා පවසනවා.