FAST NEWS

24×7 Around the Globe

අමෙරිකා රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිස දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමෙරිකා රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් අද(26) අලුයම දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් පිරිස අද අලුයම 2.20ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

එම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරින් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරින් විසින් පිළිගෙන තිබේ.

දිවයිනට පැමිණි අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිස ලබන 29 වනදා දක්වා මෙරට රැඳී සිටින අතර මෙරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයින්, දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙන්ම ආර්ථික විශේෂඥයින් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.

මෙම පිරිසට අමෙරිකාවේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වු තනාපති කෙලී කීඩලින් සහ නියෝජ්‍ය සහකාර ලේකම්,එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, රොබට් කප්‍රෝත්, නියෝජ්‍ය සහකාර ලේකම්,එක්සත් ජනපද භාණ්ඩාගාර, ජෝන් මැක්ඩැනියෙල්, ආර්ථික ප්‍රධානී,එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ කැතරින් රෙනෝල්ඩ්ස් ඇතුලත්වේ.

ඔවුන් මෙම සංචාරයේදී ශ්‍රී ලාංකිකයින්ට සහාය ලබාදිය හැකි වඩාත් ඵලදායී ක්‍රමවේද පිළිබඳ සොයාබැලීමට නියමිතය.