(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්ධනහල්වල පිහිටි ඉන්ධන ගබඩා කර ඇති ටැංකි විවෘත කිරීමට මැදිහත් නොවන ලෙසට සියලූම පොලිස් නිලධාරීන් වෙත පොලිස් මූලස්ථානයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
එමෙන්ම ඉන්ධනහල් අසළ සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ගෙන් හෝ වෙනත් පොලිස් නිලධාරීන්ගෙන් එලෙස ඉන්ධන ගබඩා කර ඇති ටැංකි විවෘත කරන ලෙසට ඉල්ලීම් සිදු නොකරන ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එහි ඇති අනතුරුදායක තත්ත්වය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත්වෙමින් එම තීරණ ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.
ඉන්ධන ටැංකි විවෘත කිරීම පොලිස් නිළධාරීන්ගේ රාජකාරියක් නොවන බව එහි වැඩිදුරටත් සඳහන්.








