FAST NEWS

24×7 Around the Globe

ඉන්ධනහල් ආශ්‍රිතව කලහාකාරීව හැසිරෙන පුද්ගලයන්ව වීඩියෝ කරන්න පොලිස්පතිගෙන් නියෝගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්ධනහල් ආශ්‍රිතව කලහාකාරීව හැසිරෙන පුද්ගලයන්ව වීඩියෝගත කරන ලෙසට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සියලු පොලිස් ස්ථානවලට නියෝගයක් නිකුත් කර තිබේ.

ඉන්ධන පිරම්හල් ආශ්‍රිතව ආරක්ෂක රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා අවධාරණය කර ඇත්තේ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව වන නොසන්සුන් තත්ත්ව, ගැටුම්, කලහාකාරී තත්ත්ව ආදි සෑම සිදු වීමක්ම වීඩියෝගත කරන ලෙසය.

එම වීඩියෝ දර්ශනවල පිටපතක් පොලිස් ස්ථානාධිපතිවරයාට ද දී ඒ සම්බන්ධයෙන් පොලිස් පොත්වල සටහන් තැබිය යුතු බව ද පොලිස්පතිවරයා අවධාරණය කර ඇත. ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව වන කලහකාරී සිදු වීම් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමේදී එම වීඩියෝ දර්ශන යොදා ගන්නා ලෙස ද පොලිස්පතිවරයා වැඩි දුරටත් සිය නියෝගයේ අවධාරණය කර තිබේ.