FAST NEWS

24×7 Around the Globe

කොළඹ අවට ප්‍රදේශවලට පැය 10ක ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(25) රාත්‍රී 10.00 සිට පැය 10 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව, ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, මාදිවෙල, තලපත්පිටිය, උඩහමුල්ල, ඇඹුල්දෙණිය, නුගේගොඩ සහ පාගොඩ ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදු වනු ඇත.

නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ විජේරාම මංසන්ධියේ සිට 07 වැනි සැතපුම් කණුව දක්වා සහ එම කොටසේ හයිලෙවල් මාර්ගයේ සියලුම අතුරු මාර්ග, නුගේගොඩ මංසන්ධියේ සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා කොටස සහ අතුරු මාර්ගවල ජල සැපයුම ද අද රාත්‍රී 10.00 සිට ඉරිදා පෙරවරු 08.00 දක්වා අත්හිටුවීමට නියමිත බවයි.

අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය මහජනතාවට දැනුම් දෙයි.