FAST NEWS

24×7 Around the Globe

පෙට්‍රල් නෞකාව ගැන ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටට අද(24) පැමිණීමට නියමිතව තිබූ පෙට්‍රල් තොග රැගත් නෞකාව තවදුරටත් ප්‍රමාද විය හැකි බව වාර්තාවේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් සදහන් කර ඇත්තේ අදාළ සැපයුම්කරු විසින් දැනුම් දී ඇත්තේ ඊයේ (23) මෙම නෞකාව පැමිණෙන බවට කෙසේ වෙතත් පසුව අද පැමිණෙන බවට දැනුම් දී තිබූනමුත් අවාසනාවන්ත ලෙස එය තවදුරටත් ප්‍රමාදවන බව දන්වා ඇති බවයි. නව පැමිණීමේ දිනයක් අදින් පසුව තහවුරු කරන බවද සදහන් කර ඇත.

මෙම ප්‍රමාදය සහ ඊයේ යාවත්කාලීන කිරීම ගැන තමන් සමාව අයැදින බවද කංචන විජේසේකර මහතාගේ ට්විටර් සටහනේ දක්වේ.

මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරනුයේ සෞඛ්‍ය සේවා සඳහා අද ඉන්ධන පිරවුම්හල් 85ක් වෙන් කර තිබු බවයි. පෙට්‍රල් ලීටර් 6600 සහ ඩීසල් ලීටර් 6600 බැගින් සමඟ CPC අයිතිකරුවන්ට දන්වා බෙදා හැරිය බවද ඔහු පවසයි.