FAST NEWS

24×7 Around the Globe

මැයි 09වැනිදා ගැන අහන්න ජොන්ස්ටන් CID ට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට මඳ වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ඒ, මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ය.

එදින අරලියගහ මන්දිරයට පැමිණි මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන්ව ගෝල්ෆේස් අරගල භූමියට පහරදීම සඳහා පෙළඹවීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දුට චෝදනා එල්ල වී ඇත.