FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් හා ජනපති හමුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙරටේ ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කාලය එළැඹ ඇති බවත් එමඟින් ඇඟලුම්, කෘෂිකර්ම, සෞඛ්‍ය හා ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ප්‍රගතිය අත්කරගත හැකි බව ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් තාරෙක් අරිෆුල් ඉස්ලාම් (Tareq Ariful Islam) මහතා පවසයි.

ඊයේ (23) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ මහකොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට 2022දී 50 වසරක් සපිරේ. මෙම කාලපරිච්ඡේදය තුළ ඉතා සමීපව සහ සුහදව කටයුතු කිරීමට රාජ්‍යයන් දෙකට ම හැකි විය. පවතින ආර්ථික අර්බුදයේදී ද බංග්ලාදේශය ලබා දෙන සහාය ජනාධිපතිතුමා ඇගයීමට ලක් කළේය.

වෙළෙඳ, සංචාරක සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට දෙරටට ම අවස්ථාව ඇති බව පෙන්වා දුන් මහකොමසාරිස්වරයා පවතින වතාවරණයෙන් කඩිනමින් අත්මිදීමට ශ්‍රී ලංකාවට හැකි වෙතැයි විශ්වාසය පළ කරනු ලැබී ය.