FAST NEWS

24×7 Around the Globe

ජූලි 5 -12 අතර ගෑස් නෞකා දෙකක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන මස 6 වනදා තෙක් ලිට්‍රෝ ගෑස් මිල දී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නො සිටින ලෙස එම සමාගම ජනතාවට දැනුම් දෙයි.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් කියා සිටියේ, ලබන මස 5 වනදාත් 12 වනදාත් අතර නෞකා 2ක් මගින් මෙටි්‍රක් ටොන් 7,000ක ගෑස් තොග ලැබෙන තෙක් ජනතාවට බෙදා හැරීම සඳහා ගබඩාවල ගෑස් නොමැති බවයි.

එමෙන්ම, ලබන මස 10 වන දායින් පසුව ගෑස් මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් විශාල නෞකාවක් මාලදිවයිනේ මුහුදු සීමාවට ළඟාවීමට නියමිත අතර, එහි සිට කුඩා නෞකා මගින් මෙරටට අඛණ්ඩව ගෑස් ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇත.

ඒ අනුව ලබන 5 වනදායින් පසුව දිවයින පුරා දෛනිකව කිලෝ 12යි දශම 5 ගෘහස්ථ ගෑස් සිල්න්ඩර 80,000ක් බැගින් බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සදහන් කළේය.