FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය දූත පිරිස සමඟ පැවති සාකච්ඡා සාර්ථකයි – අගමැති කියයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා ඇතුළු ඉන්දීය දූත පිරිස සමඟ පැවැත්වූ සාකච්ඡා ඵලදායි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර දීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා ඇතුළු දූත පිරිස සමඟ කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (23) සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.