FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන පෝලිමක තවත් මරණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ, අඟුරුවාතොට බටගොඩ ඉන්ධන පිරවුම්හලක ඉන්ධන ලබාගැනීමට ඉන්ධන පෝලිමේ සිටි 63 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

පසුගිය ජූනි 16 වනදා පානදුර වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකදීද 53 හැවිරිදි පුද්ගලයෙක් හෘදයාබාධයක් හේතුවෙන් මියගියා.