FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය විදේශ කටයුතු ලේකම් ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවට මූල්‍ය අධාර සැපයීම සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සදහා ඉන්දීය රජයේ විශේෂ දූත පිරිසක් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

මෙම දූත පිරිසේ ප්‍රධානත්වය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra) මහතා විසින් හොබවනු ලබයි.

මෙම ඉන්දීය දූත පිරිසට සිව් දෙනෙක් ඇතුළත් වෙති.

මෙම පිරිස ජනාධිපතිවරයා , අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ දේශපාලනඥයන් හමු වී සාකච්ඡා කිරීමට නියමිතය.