හිරුණිකාගේ මාතෘත්වයට අපහාස නොකරන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්

හිරුණිකාගේ මාතෘත්වයට අපහාස නොකරන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තිදරු මවක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අපහාස වන ආකාරයේ ඡායාරූප පළ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

ශිෂ්ට සම්පන්න සමාජයක් මාතෘත්වයට අපහාස නො කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා.

අන් සියලු දේට වඩා මව යන සංකල්පය ඉහළ තැනක තබා කටයුතු කළ යුතු බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අසලට පැමිණ විරෝධය පළ කරද්දී ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ අපහාසාත්මක ලෙස සංසරණය වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරනවා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තම නිවස අසලට පැමිණ විරෝධය දැක්වූයේ දේශපාලන ප්‍රශ්නයක් සඳහා වන හෙයින් එය ඊට අදාළ මතවාදයකින් විසඳා ගත යුතු බව කියන අග්‍රාමාත්‍යවරයා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ මාතෘත්වයට අපහාස වන ලෙස ක්‍රියා නොකළ යුතු බවයි වැඩි දුරටත් පැවසුවේ.

COMMENTS

Wordpress (0)