ශ්‍රී ලංකාවේ චීන තානාපති සහ මහජන ආරක්ෂක ඇමති හමුවක්

ශ්‍රී ලංකාවේ චීන තානාපති සහ මහජන ආරක්ෂක ඇමති හමුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ශෙන්ග් හොන්ග් (Qi-Zhenhong) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් ඊයේ(22) සිදු විය.

බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී හමුව සිදුවිය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුධය සහ දේශපාලන තත්වය, අර්බුධකාරී තත්වයෙන් මිදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග යන කරුණු සම්බන්ධව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

සෑම අවස්තාවකදීම චීනය ශ්‍රී ලංකාව වෙත ලබා දුන් සහයෝගය පිළිබඳව ස්තූතිය පළ කළ අමාත්‍යවරයා, මින් ඉදිරියටද චීනය ශ්‍රී ලංකාවට සහාය ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසීය.

මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව වෙත හැකි සෑම උපකාරයක්ම කරන බවට තානාපතිවරයා එහිදී සඳහන් කළේය.

එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ කටයුතු සඳහාද චීන රජයේ උපරිම සහයෝගය ලබා දෙන බව පැවසූ ඒ මහතා නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් වීම පිළිඹඳව අමාත්‍යවරයා වෙත සිය සුභාෂිංසන පළ කිරීමද සිදු කෙරුණි.

COMMENTS

Wordpress (0)