FAST NEWS

24×7 Around the Globe

ජොන්ස්ටන්ට මිලියන 10 බැගින් ශරීර ඇප 02ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෝඨාගෝගම හා මයිනාගෝගම අරගලවලට පහරදීමේ සිද්ධියේ 28 වන සැකකරු ලෙස නම් කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නව ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි ඔහු මුදාහැරීමට නියෝග කෙරුණේ.

සෑම මසකම අවසන් ඉරිදා දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවටද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නියෝග කෙරුණා.

මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඩෑන් ප්‍රියසාද් ඇතුළු තවත් සැකකරුවන් පස්දෙනෙකුද රුපියල් මිලියන දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළා.