FAST NEWS

24×7 Around the Globe

තවත් බොරතෙල් සහ දැවි තෙල් තොගයක් සඳහා මුදල් ගෙවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් බොරතෙල් සහ දැවි තෙල් තොගයක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 34ක් ගෙවා ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

එම ඉන්ධන විදුලිබල උත්පාදනයට හා කාර්මික කටයුතු සඳහා යොදා ගැනීමට සැලසුම්කර ඇත.

නොරොච්චෝලේ විදුලි බලාගාරය, යළි විදුලිබල සැපයුමට එක් කරන තෙක් දෛනික විදුලි කප්පාදුව පැය දෙක හමාරේ සීමාවේ තබා ගැනීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා සදහන් කරයි.