FAST NEWS

24×7 Around the Globe

ගෑස් මෙට්ට්‍රික් ටොන් ලක්‍ෂයක් ගෙන එනවා – අගමැති පාර්ලිමේන්තුවේ දී කියයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෑස් මෙට්ට්‍රික් ටොන් ලක්‍ෂයක් ආනයනය කිරීම සදහා රජය මේ වනවිට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ හරහා ඉදිරියේදී මෙරට පවතින ගෑස් හිගයට විසදුම් ලැබෙන බවයි අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේ.

කෙසේවෙතත් ඉන්ධන ගැටළුව විසදීම සදහා තවත් යම් කාලයක් ගතවනු ඇති බවත් එතෙක් ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා.