FAST NEWS

24×7 Around the Globe

රැට්ටා, ළහිරු වීරසේකර, ජගත් මනුවර්ණ ඇතුළු 07ක් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය දා කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධාතවක නිරත වී මහජන දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා ලබන 1 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට අද පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රතිදු සේනාරත්න හෙවත් රැට්ටා , ධම්මික මුණසිංහ , ලහිරු වීරසේකර ,පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි ,ජගත් මනුවර්ණ ,එරංග ගුණසේකර හා ජෙහාන් අප්පුහාමි යන අය ද සිටිති.

ඔවුන් අද පස්වරුවේ ඔවුන් මරදාන පොලිස් ස්ථානයට පැමිණ භාර විය.