FAST NEWS

24×7 Around the Globe

ධම්මික පෙරේරා දිවුරුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකු ලෙස ධම්මික පෙරේරා මහතා අද(22) දිවුරුම් දුන්නේය.

ඒ පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දී ය.

ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් පහක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සදහායි ධම්මික පෙරේරා මහතා පත් කිරීමට තීරණය කෙරුණේ. මේ අතර මෙම සතියේ අද දිනයේදී පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර තිබෙනවා. යළි පාර්ලිමේන්තුව රැස්වන්නේ ජුලි මස 4 වන සදුදායි.