FAST NEWS

24×7 Around the Globe

වෙළඳපොළේ සීනි මිල තවත් ඉහල යන ලකුණු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වනවිට වෙළඳපොළ තුළ සීනි කිලෝවක් රුපියල් 265ත් 300ත් අතර මිලකට අලෙවි වෙනවා.

කෙසේ වෙතත් වෙළඳපොළේ සීනි මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව සීනි ආනයනකරුවන් පවසනවා.

තායිලන්තයෙන් සීනි ආනයනය කිරීමට සිදු වුවහොත් මෙලෙස වෙළඳපොළ තුළ සිනි මිල ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ, අනුව සීනි කිලෝග්‍රෑමයක මිල තවත් රුපියල් 50කින් පමණ ඉහළ යා හැකි බවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කළේ.

ඉන්දියාව විසින් ජාත්‍යන්තර වෙළඳපොළට සීනි ඇතුළු තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක් අපනයනය නතර කිරීම හේතුවෙනුයි වෙළඳපොළේ සීනි මිල ඉහළ යාමක් වාර්තා වුණේ.