FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද රාත්‍රි 10.00 සිට හෙට (23) උදෑසන 06.00 දක්වා කාලය තුළ ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 08ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය සදහන් කළේ ගම්පහ නගරය, මිරිස්වත්ත මාර්ගයේ හංසගිරි පාර දක්වා කොටස, ඔරුතොට මාර්ගයේ කළු පාලම දක්වා කොටස සහ ජා ඇළ මාර්ගයේ දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය දක්වා කොටසේ මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බවයි.