FAST NEWS

24×7 Around the Globe

කාන්තාවන් ගෘහ රැකියා සඳහා විදෙස් ගතවීමේ වයස් සීමාව සංශෝධනය වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ හා ගෘහ ආශ්‍රිත රැකියා සඳහා විදෙස් ගතවීමේ වයස් සීමාව සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ අවම වයස් සීමාව වයස අවුරුදු 21ක් ලෙස සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

දැනට පවතින වයස් සීමාව සෞදි අරාබිය සදහා අවුරුදු 25ක් ද අනෙකුත් මැද පෙරදිග රටවල් සදහා වයස අවුරුදු 23ක් ද සෙසු රටවල් සදහා අවුරුදු 21ක්ද වේ.