FAST NEWS

24×7 Around the Globe

ලබන 24වැනිදා පෙට්‍රල් නෞකාවක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන 24 වැනිදා පෙට්‍රල් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, අදාළ නෞකාවෙන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගෙන එන බවයි.

මේ අතර, ලබන 28 වැනිදා තවත් බොරතෙල් නෞකාවක් දිවයිනට ළඟා වන බවට වාර්තා වේ.

කෙසේ වෙතත් ඉන්ධන අපේක්ෂාවෙන් මේ වන විටත් ජනතාවට දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුව තිබේ.