FAST NEWS

24×7 Around the Globe

විසි එකේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැණියි – ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීරණය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ අතර 21 වන ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය ද හිමි වුණා.