FAST NEWS

24×7 Around the Globe

ලෝටස් වටරවුම උණුසුම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ජනාධිපති කාර්යාලයේ පිවිසුම අවහිර කරමින් විරෝධතාවයේ නිරත පිරිසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ගාලු මුවදොර රැඳී සිටින විරෝධතාකරුවන් විසින් අට්ටාල ඉදිකර ජනාධිපති ලේකම් කාර්යාලයට එන පිවිසුම් මාර්ග දෙකක් අවහිර කරමින් විරෝධතාවයක නිරත වන බව පොලිසිය සඳහන් කරනවා.

මේ අතර කොළඹ ලෝටස් වටරවුම අසල දැඩි රථවාහන තදබදයක් මතුව ඇතැයි වාර්තා වනවා.

ඒ ගාලු මුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන් විසින් ජනාධිපති කාර්යාලයට පිවිසෙන ලෝටස් පාර අවහිර කරමින් අට්ටාල ඉදිකර තිබීම හේතුවෙන්.

විරෝධතාකරුවන් මුදල් අමාත්‍යංශයට පිවිසීමේ දොරටුව ද අවහිර කර ඇතැයි වාර්තා වන්නේ.

ලෝටස් වටරවුම අසල මාර්ගයේ යද හමුදා නිලධාරීන් ස්ථාන ගත කර තිබෙන ආකාරය ද දක්නට ලැබේ.