FAST NEWS

24×7 Around the Globe

අගමැති හා IMF කණ්ඩායම සාකච්ඡා අරඹයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවට මේ වන විට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට සාකච්ඡා ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

IMF කණ්ඩායම මෙරටට පැමිණ ඇත්තේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ දිගටම සාකච්ඡා කිරීමටය.

ශ්‍රී ලංකාව සහ IMF කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම් අවසන් කිරීම මත ණය ගැනීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු රඳා පවතින බවත්, නියෝජිත පිරිස සතියක පමණ කාලයක් මෙරට රැඳී සිටිමින් සාකච්ඡා පවත්වන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 4 – 5ක පමණ ණය ආධාරයක් බලාපොරොත්තු වේ. මෙම අරමුදලෙන් ලැබෙන ණය ආධාර අපට වෙනත් රටවලින් ආධාර ලබා ගැනීමට මඟ සලසන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.