(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රමුඛතාව මත ඉන්ධන හිමිවන වෘත්තීන් හැර අනෙක් රථ වාහන සඳහා අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව සතියකට දෙවතාවක් ඉන්ධන දීමේ ක්‍රමවේදයක් සැකසීමට යෝජනා වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය. ඒ ඊයේ (19) එම අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුව අමතමිනි.
ප්‍රවාහන බස් රථ, පාසල් සේවා, පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රවාහන සේවා සහ සංචාරක සේවා සඳහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන දීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී පැවැසීය.
මීට අමතරව වෘත්තීමය ත්‍රී රෝද රථ සඳහා දෛනිකව ඉන්ධන දීමේ ක්‍රමවේදයක් සකසමින් සිටින බව අමත්‍යවරයා මෙහිදී පැවැසීය. පොලීසිය, ප්‍රාදේශීය සභා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා නාම ලේඛනයක් සකස් කර ත්‍රී රෝද රථ රියැදුරන් තෝරා ගන්නා ඉන්ධනහලක් මගින් අඛණ්ඩව ඔවුන්ට අවශ්‍ය දෛනික ඉන්ධන අවශ්‍යතා සපුරාලීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි අමාත්‍යවරයා එහිදී පැවැසීය.
ලබන සතියේ සිට මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට බලාපොරාත්තු වෙන බවද අදාළ නාම ලේඛන සකස් කර අදාළ ඉන්ධනහල් වෙත ඔවුන් වෙත පැමිණෙන වෘත්තීය ත්‍රී රෝද රථවල නාමලේඛනයක් දෙන බව ද අමාත්‍යවරයා පැවැසීය. නමුත් එසේ දෛනිකව නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය මෙතෙක් තීරණය කර නොමැති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
තවද අත්‍යවශ්‍ය සේවාවක් වන සෞඛ්‍ය අංශ සඳහා ඉන්ධන ගැනීමට ලබන සිකුරාදා සිට සිකුරාදා දින ප්‍රමුඛතාව දීමට කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා පැවැසූ අතර එසේ ඉන්ධන දීම සඳහා දිස්ත්‍රික් වශයෙන් ඔවුනට පහසුවෙන් ඉන්ධන ගත හැකි පිරවුම්හල්වල තොරතුරු ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයිද පැවැසීය.
ඒ අනුව සිකුරාදා දින විශේෂ අත්‍යවශ්‍ය සේවා කරන වෛද්‍ය සහ වෛද්‍ය, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහ පොලිසිය, විදුලි, ජලය වැනි හදිසි අවස්ථාවන් සමඟ කටයුතු කරන වෘත්තීන් වෙත තෝරාගත් පිරවුම්හල් මගින් ලබන සිකුරාදා සිට ඉන්ධන ලබා ගැනීමේ දී ප්‍රමුඛතාව දෙන බව ද අමාත්‍යවරයා පැවැසීය.
තවද අපනයන කර්මාන්ත සඳහා ද සතියකට වරක් ඔවුන් තෝරාගත් පිරවුම්හල් සඳහා ඉන්ධන සැපයීමට බලාපොරොත්තු වෙනවා. ලබන අඟහරුවාදා එම අමාත්‍යංශවලින් ලැබෙන තොරතුරු අනුව වැඩපිළිවෙළක් සකසනවා.
කොවිඩ් සමයේ මෙන්ම නිවසේ සිට වැඩකිරීමේ ක්‍රමවේදයට යන ලෙස ද පුද්ගලික අංශයෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටින අතරම අනවශ්‍ය ගමන්වලින් වැළකෙන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.








